දවසේ අවසන් කණිසම තෙක් අපි ඇගිලි ගැන්න
පන්තිය මුල්ලේ..
එක බත් පත කා හිනැහුන සැනසුන සරදම් කරගත්
ඩෙස් පල්ලේ..
පාට පාට හුණු කූරෙන් ලියැවුණු සෙනෙහස ඉතිරුණු
සිව් මුල්ලේ..
මගෙ නම ලියැවුණු ඩෙස් එක අදටත් තියනව ඇති
පන්තියෙ මුල්ලේ..
අවසන් සීනුව අවසන් වරටත් ඇසුනා
නොසිතූ මැසිවිල්ලේ..
අපට උරුම වූ මතකය සිර වූ සුසුම් දැරූ
බිත්තිය මුල්ලේ..
කිරි සුදුවන් කිරි පාටින් බැබලී පාසල් ගිය
ලස්සන කාලේ..
අකුරු කෙරූ හැටි තාම මැවෙනවා අපෙ හිත්
යා වූ පවනැල්ලේ..
- රුචිර වීරකෝන් -
24.10.2019
Subscribe to:
Post Comments (Atom)
මගෙ නම ලියැවුණු ඩෙස් එක අදටත් තියනව ඇති පන්තියෙ මුල්ලේ
දවසේ අවසන් කණිසම තෙක් අපි ඇගිලි ගැන්න පන්තිය මුල්ලේ.. එක බත් පත කා හිනැහුන සැනසුන සරදම් කරගත් ඩෙස් පල්ලේ.. පාට පාට හුණු කූරෙන් ලියැවුණු ...
-
දවසේ අවසන් කණිසම තෙක් අපි ඇගිලි ගැන්න පන්තිය මුල්ලේ.. එක බත් පත කා හිනැහුන සැනසුන සරදම් කරගත් ඩෙස් පල්ලේ.. පාට පාට හුණු කූරෙන් ලියැවුණු ...
-
වල ගැසුණු මිරිවැඩියෙ ඩයි දැමූ නිල් ඩෙනිමෙ තැනින් තැන ඉරුණු තැන් තියෙනවා.. තිහට ගත් බත් තලිය තව පහක් වැඩි වුණිය මාසෙ වැය පිරිමහන්න තියෙන...
No comments:
Post a Comment