Thursday, October 24, 2019

මගෙ නම ලියැවුණු ඩෙස් එක අදටත් තියනව ඇති පන්තියෙ මුල්ලේ

දවසේ අවසන් කණිසම තෙක් අපි ඇගිලි ගැන්න
පන්තිය මුල්ලේ..
එක බත් පත කා හිනැහුන සැනසුන සරදම් කරගත්
ඩෙස් පල්ලේ..
පාට පාට හුණු කූරෙන් ලියැවුණු සෙනෙහස ඉතිරුණු
සිව් මුල්ලේ..
මගෙ නම ලියැවුණු ඩෙස් එක අදටත් තියනව ඇති
පන්තියෙ මුල්ලේ..

අවසන් සීනුව අවසන් වරටත් ඇසුනා
නොසිතූ මැසිවිල්ලේ..
අපට උරුම වූ මතකය සිර වූ සුසුම් දැරූ
බිත්තිය මුල්ලේ..
කිරි සුදුවන් කිරි පාටින් බැබලී පාසල් ගිය
ලස්සන කාලේ..
අකුරු කෙරූ හැටි තාම මැවෙනවා අපෙ හිත්
යා වූ පවනැල්ලේ..

- රුචිර වීරකෝන් -
24.10.2019


Monday, October 7, 2019

Hiking සෙත් කවි


ඇවිද්ද පය දහස් වටී පිං වේවා
කදු මුදුනෙදි ගිමන් වෙහෙස නැති වේවා
තියන කදු මුදුන් තව ලස්සන වේවා
මෙදා සැරෙත් ආසාවට අපි ආවා

දඹ වැහි නැතිව පොඩි පොද පමණක් වේවා
අව් රැස් නිවා මද නල තව පැතිරේවා
කදු මුදුනෙදි විඩාව අමතක වේවා
හයිකින් උණ ඇති උන් තව ඇති වේවා

මගෙ මව්බිමයි ගහ කොල වැලයි රැකදේවා
කදු නගින්න හිතේ හයිය වැඩි වේවා
කෙල්ලො කොල්ලො හැම දෙවියන් රැකදේවා
වැඩි වැඩියෙන් හයික් යන්න සෙට් වේවා




මගෙ නම ලියැවුණු ඩෙස් එක අදටත් තියනව ඇති පන්තියෙ මුල්ලේ

දවසේ අවසන් කණිසම තෙක් අපි ඇගිලි ගැන්න පන්තිය මුල්ලේ.. එක බත් පත කා හිනැහුන සැනසුන සරදම් කරගත් ඩෙස් පල්ලේ.. පාට පාට හුණු කූරෙන් ලියැවුණු ...